Monday, July 07, 2025
Follow Us
covid 19: සුවය ලැබූවන් ගණන 04 දක්වා ඉහළට

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 05 දෙනෙක් අද (23) දිනයේදී හමු වීමත් සමග මෙරටින් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 86 දක්වා ඉහළ ගියේය. තවත් 200 කට අධික ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඒ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මතයි.

මේ අතර වෛසරය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයා වන චීන ජාතික කාන්තාව මෙන්ම මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකිකයා වූ සංචාරක මග පෙන්වන්නාද මීට පෙර වෛරසයෙන් පූර්ණ සුවය ලබා තිබිණි.

(LNW)