Monday, July 07, 2025
Follow Us
COVID-19 වෛරසය නව ආසාදිතයන් ගණන පෙර දිනට වඩා පෙර දිනට වඩා ඉහළට

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද ඊයේ දිනට අදාල වාර්තාවට අනුව ඊයේ දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් හමුවූ බව පැවසේ. එය පෙර දිනට වඩා රෝගීන් තිදෙනෙකුගේ වැඩිවීමකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග මර්ධන විශේෂඥයන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග දිගටම පවත්වා ගැනීම අතිශය වැදගත් බවත් එසේ නොවුන හොත් තත්වය බරපතල විය හැකි බවත්ය. සාමාන්‍යය ජනයා රෝගය ව්‍යාප්ත වීමේ බරපතල කම නිසි ලෙස වටහා ගෙන සෞඛ්‍යය බළධාරීන් සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම අතිශය වැදගත් බවත් රෝගය මර්ධනයේ තීරණාත්මක සාධකය බව ඔවුහු පෙන්වා දෙති.

(Lanka Leads)