Monday, July 07, 2025
Follow Us
කොරෝනා ප්‍රතිකාර සඳහා රෝහල් 30ක් සූදානම්

ප්‍රතිකාර කටයුතු සඳහා හදුනාගත් රෝහල් තිහක් සූදානම් කරන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

ආරම්භයේදී කොරෝනා ආසාධිතයන් වාර්තාවන විට සූදානම් කර තිබුණු රෝහල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.

එම රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම මත හදුනාගත් නව රෝහල් සඳහා ප්‍රතිකාර උපකරණ ලබාදීමට පියවර ගන්න බව ද ඇය සඳහන් කළාය.

කොරෝනා රෝගී ආසාධිතයන් හැත්තෑ දෙදෙනෙකු (72) මේ වන විට හදුනාගෙන ඇති බවත් එමෙන්ම ආසාධිතයැයි සැක සහිත රෝගීන් දෙසීයක් පමණ විවිධ රෝහල්වලින් හදුනාගෙන ඇතැයි කී වෛද්‍යවරිය රෝගී ආසාධිත යැයි තහවුරු කර ගත් සියලු දෙනාට අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ප්‍රතිකාර කරන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

(LNW)