Sunday, July 06, 2025
Follow Us
ලිට්රෝ සමාගමෙන් විශේෂ දැනුම් දීමක්

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම්කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කරන අතර කිසිදු ආකාරයකින් ගෑස් තොග අවසන් වීමක් සිදු නොවීමට සමාගම සියලුම විධිවිධාන සලසා ඇති බව කාරුණිකව දන්වා සිටිමු.

දිවයින පුරා ඇති සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් සහ බෙදාහැරීමේ ජාලය හරහා අවශ්‍ය තරම් ගෑස් ලබාගත හැකි බව සමාගම දන්වා සිටී.

වැඩිදුර තොරතුරු සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 0112505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් අමතන ලෙස ලිටිරෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.

මධ්‍යම සහ බස්නාහිර පළාත් කුමාර ජයවර්ධන 0777775658/දකුණු පලාත් නඳුන් 0763488452 උතුරු පළාත් රාජ් කුමාර් 0770495501නැගෙනහිර පළාත සර්ජුන් 0773705631

(Aruna)