දිවයින පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතියට අවනත නොවී කණ්ඩායම් ලෙස රැස්ව සිටි පුද්ගලයන් ඇතුළු 22 ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
දඹුල්ල බුලාගෙන ප්‍රදේශයේදී අද පෙරවරුවේ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමරතව ඊයේ රාත්‍රී බණ්ඩාරවෙල ප්‍රදේශයේදී මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කටුනායක, හපුතලේ, තංගල්ල ඇතුළ ප්‍රදේශ කිහිපයකින් තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ දිවයින පුරා සෝදිසි කිරීම් සිදු කරන බවත්, අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසනවා. ඒ නිසා නිකරුනේ කණ්ඩායම් ලෙස රැස් නොවී, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී නිවෙස්වලට වී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
(LNW)