ගුවන් තොටුපල වසා තිබියදීත් ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් කිසිදු නිරෝධායන ක්‍රියාවලියකට යටත් නොකර නිවෙස් කරා යැවීම අතිශයින්ම ප්‍රශ්නකාරී බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පවසයි.
"කොවිඩ් 19න් රට බේරාගැනීමේ කාර්ය සාධක බලකායට අතිගරු ජනාධිපතිතුමාට සිද්ධ වුණා පැහැදිලි කරන්න ඇයි ගුවන් තොටුපල වහන්න ඕනෙ කියලා. එතකොට ඒක යම් ප්‍රමාණයක අවාසනාවන්ත තත්වයක්නෙ ?
ගුවන් තොටුපල පස්සෙ අපි අහනවා ඉන්දියාවෙන් විශේෂ ගුවන් යානයකින් ගෙන්වපු පිරිස නිරෝධායනයට ලක් නොකළේ ඇයි ? ඒ අය නිරෝධායනයට ලක්විය යුතු නැද්ද ? ඒ සියලු දෙනා ගෙවල්වල ඇරලා ! දැන් ඒකෙ ප්‍රතිඵල එන්නෙ තව දවස් 14කින්.
මේ කියන ආර්ථික විශේෂඥයොයි මේ පණ්ඩිතයොයි මුලින්ම පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඕනෙ මේ එන අයව නිරෝධායනය නොකර යවන්න යවන්න රට ලොක් ඩවුන් කරන්න තියෙන අවදානම වැඩිකරනවා මේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)