දැනට ධාවනය වන දුම්රිය වාරගණන අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 69ක් ද, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 23ක් ද ධාවනය වනු ඇත.
ඊට අමතරව කැලණි වැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ ගමන් වාර 6ක්ද පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
(Aruna)