Sunday, July 06, 2025
Follow Us
පාර්ලිමේන්තුව වසා දැමීමෙන් දෛනිකව ලොකු වියදමක් ඉතිරි වෙයි

අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා නිවාඩු ලබාදීම නිසා ඉකුත් සදුදා සිට පාර්ලිමේන්තුව ද වසා දමා තිබෙනවා.

මේ නිසා එහි දෛනික වියදම් ඉතිරි වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

පාර්ලිමේන්තුවේ දෛනික විදුලි වියදම පමණක් රුපියල් ලක්‍ෂ 2 ක් පමණ වනවා. දෛනිකව පුද්ගලයින් 1,200 ක් පමණ සඳහා ආහාර ලබාදීමට යන වියදමද මේ නිසා ඉතිිරි වන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා අදත් නිවාඩු දිනයක් වනවා. කෙසේවෙතත්, තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු සඳහා අද (19) නැවත විවෘත කිරීමට නියමිතයි. පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා එහි ගනුදෙනු සිදුවනු ඇති.

(Neth)