Saturday, January 24, 2026
Follow Us
නව කොරෝනා ආසාදිතයින් අතර පාසල් වයසේ තුන් දෙනෙක්

නව කොරෝනා ආසාදිතව මේ වනවිට IDH උණ රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන් අතර පාසල් වයසේ තුන් දෙනෙකු ද සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

දැරියන් දෙදෙනෙකු සහ දරුවෙකු ඊට අයත්.

මීට අමතරව වයස අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද නව කොරෝනා ආසාදිතව මේ වනවිට IDH එච් උණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

මේ අතර නව කොරෝනා ආසාදිත බවට මුලින්ම හදුනා ගැණුනු සංචාරක මගපෙන්වන්නන් දෙදෙනා මේ වනවිට ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

නව කොරෝනා ආසාදිත බවට පළමුවෙන් හඳුනා ගැනුණු චීන ජාතික කාන්තාවගෙන් පසු ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් තහවුරු කර ගත් නව කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව මේ වනවිට 50 දෙනෙකු වනවා.

ජාත්‍යන්තර වාර්තාවලට අනුව ඊයේ (18) දිනය නිමාවන විට ලොව පුරා හඳුනාගෙන ඇති මුළු නව කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 18,723 ක්. සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 8,943 ක් වනවා.

(Neth)