Friday, February 06, 2026
Follow Us
ඉන්දියාවෙන් රැගෙන ඒමට නියමිත වන්දනාකරුවන් නිරෝධායනයට

ඉන්දියාවේ සිට රැගෙන ඒමට නියමිත වන්දනාකරුවන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඒ අනුව වන්දනාකරුවන් දිවයිනට ගුවන් මගීන් රැගෙන ඒමෙන් අනතුරුව ගුවන් තොටුපලේ සිට නිරෝධායනය සිදුකරන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට නියමිතයි.

(Aruna)