Saturday, July 05, 2025
Follow Us
ගොවීන්ගේ කිරි මිලදී ගැනීමට මිල්කෝ සූදානම්

මේ වන විට රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් කිරි අලෙවිකර ගැනීමට අපහසු ගොවීන්ගේ කිරි අඛණ්ඩව මිලදී ගැනීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ පූර්ණ රාජ්‍ය සමාගමක් වන මිල්කෝ සමාගම දිවයින පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන මගින් මෙලෙස කිරි මිලදී ගැනීමට සූදානම්ය.

මේ පිළිබඳ වැඩිදුර විමසීම මහින්ද දිසානායක සහ කේ. කනගරත්න යන අයගේ 077-3289288 සහ 0776128579 දුරකථන අංකවලින් විමසිය හැකි බවද එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

(Aruna)