සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් ගුවන් සේවා සමාගම් , ගුවන් ගමන් පාලන නිළධාරින් සහ වෙනත් ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සම්බන්ධ වන නිළධාරීන් වෙත නිකුත් කරනු ලබන නියෝගයට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල මාර්තු 19 වන දින පෙරවරු 4:00 සිට මාර්තු 25 වන දින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වසා තැබෙනු ඇති.
කෙසේ වෙතත් තත්වයන්ගේ වර්ධනය සලකා බලා ඉහත සඳහන් ගුවන් තොටුපලවල් වසා තැබීම තව දුරටත් දීඝර් කෙරෙනු ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා එම නියෝගයෙන් වැඩිදුරටත් පවසා සිටී.
මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පමණක්, රටින් පිටව යන මගීන් සඳහා සහ සංක්‍රමණික මගීන් සඳහා පරිහරණය සඳහා අවසර දෙනු ඇත.
මීට අමතරව කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපල, පැමිණෙන ගුවන්යානා වලට විවෘතව තබන බව සිවිල් ගුවන්සේවා අධිකාරිවරයාගේ නියෝගයෙන් පැවසේ. හදිසි තත්වයකදී ගොඩබානු ලබන ගුවන්යානා වලට,භාන්ඩ ප්‍රවාහනය කරනු ලබන ගුවන් යානා වලට,මානුෂීය හේතු මත පැමිණෙන ගුවන් යානා වලට,තාක්ෂණික හේතු මත පැමිණෙන ගුවන්යානා වලට සහ ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන යාමට මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලට විවෘතව පවතී.
(Lanka Leads)