Friday, February 06, 2026
Follow Us
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිතයින් සංක්‍යාව 34 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව තහවුරු කළා.

අද දිනය තුල කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙක් ජර්මනියේ සංචාරයක නිරතව පැමිණි පුද්ගලයෙකි. එමෙන්ම අමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇත.

කැළණිය සහ මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කළා.

කටාර් සිට පැමිණි උඩුගම්පොල ප්‍රදේශයේ තරුණයෙකුට ද මෙම වෛරසය ආසාදනය වී තිඛේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වු සංචාරක මග පෙන්වන්නාගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසානය වී ඇත.

(Aruna)