Saturday, July 05, 2025
Follow Us
රෝගී තත්වය වසන් කරන්නන් හට මාස 6ක සිර දඩුවම්

රට තුළ සෞඛ්‍ය අවදානමක් පවතින මෙවැනි මොහොතක කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත පුද්ගලයන් නිරෝදායන ක්‍රියාවලියට එක්වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කිසියම් කෙනෙක් තමන්ගේ රෝගී තත්වය වසන් කරන්නේ නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලිස් මුලස්ථානයේ අද (15) මේ වන පැවැත්වේන විශේෂ මාධ්‍ය හමුවේදි පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කලේය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය 23දෙනෙක් ගැන මේ වන විට පරීක්ෂණ සිදු කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

(Aruna)