Friday, February 06, 2026
Follow Us
කොරෝනා බවට සැකපිට ගුවන් තොටුපළ නිලධාරියෙකුත් අයි.ඩී.එච් රෝහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන කටුනායක ගුවන් තොටුපළේ නිලධාරියෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා.

මෙම නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි.ඩී.එච් උණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් තොටුපළ නිලධාරියා ඉකුත් දා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා සහය ලබාදී ඇති බව පැවසෙනවා,

මේවනවිට පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

(Neth)