Friday, February 06, 2026
Follow Us
රෝග ලක්ෂණ තිබියදී දැනුවත්වම ලාංකිකයින් පිරිසක් ඉතාලියේ සිට මෙරටට ඇවිත්

දැනට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති පිරිසෙන් දෙදෙනෙකු ඉතාලියේදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දීත් ඊට ප්‍රතිකාර නොගෙන, දැනුවත්වම අවදානම් සහිත ලෙස මෙරටට පැමිණ ඇතැයි තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

"මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණි දෙදෙනෙක් අපි දන්න විදියට ඉතාලියේදීම රෝගී තත්වයක් තිබිලා තියෙනවා. ඒ අය මිලානෝ නුවරින් ගුවන්ගත වෙන්න බැරි නිසා හැතැක්ම 800ක් පමණ රියත් පදවාගෙන ගිහිල්ලා වෙනත් ස්ථානයකින් තමයි ගුවන්ගත වෙලා තියෙන්නෙ.

ඒගොල්ලො පැරසිටමෝල් භාවිතා කරලා උණ බස්සාගෙන කිසිවෙකුටත් නොකියා මේ තත්වයෙන් ඉඳලා තියෙනවා. ඒ තත්වය තුළ මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටත් යම්කිසි අනතුරක් තියෙනවා. ඒ අය 16ක් වැනි පිරිසක් හොඳ වෙලාවට ඒ 16 එක බස් රථයේ ඇවිල්ලා තියෙන්නෙ. නමුත් ඒගොල්ලො අර කටුනායක ගුවන් තොටුපලේදි විරෝධය දක්වනකොට එතෙන්දි කිට්ටු වීමක් තිබුණා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයට ගිහිල්ලාත් එකවැර ඇතුළට ගියෙ නෑ. එතකොට ඒගොල්ලො නැවත කිට්ටුවීමක් තිබුණා.

ඒක තමයි තියෙන අනතුර. නමුත් යුධ හමුදාව විසින් ඒ අය ඒ 16 දෙනා වෙනම පවත්වා ගැනීමට දැනට කටයුතු කරගෙන යනවා" යනුවෙනුයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)