Monday, May 12, 2025
Follow Us
මෛත්‍රී තවත් හිරවෙයි: හිටපු හමුදාපතිත් පාස්කු ප්‍රහාරය ‌මෛත්‍රී පිටින් යවයි

ඉකුත් අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම මිදිය ‌නොහැකි බව හිටපු යුද හමුදාපති මහේෂ් ‌සේනානායක මහතා පැවසීය.

ඒ මහතා ‌පෙන්වා ‌දෙන්නේ එකී ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ‌ලේකම් ‌හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ‌පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් පිට පමණක් පටවා හිටපු ජනාධිපතිවරයාට වගකීමෙන් අත්මිදිය ‌නොහැකි බවකි.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ යුදහමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහේෂ් ‌සේනානායක මහතාය.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මාහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියම කළේය.

(Lanka Leads)