Wednesday, February 04, 2026
Follow Us
චෝදනා එල්ලවූ හතේ පොත ගැන අකිල කතා කරයි

ලිංගික අධ්‍යාපනය පිළිබඳ කරුණු ඇතුළත් පාසල්වල 07 ශ්‍රේණියට නිකුත් කර ඇති පොත සකස් කළේ විශේෂඥ කමිටුවක උපදෙස් අනුව බව හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. අදාළ පොත සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මෙම පොත මගින් ළමා මනස දූෂණය වන බවයි විද්වද් භික්ෂු සංසදය ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ.

(Neth)