Thursday, March 12, 2026
Follow Us
දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවීම අද සිට

අද (23) සිට කි‍්‍රයාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරෙනවා. ඒ, එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදී මීගමුව සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් හත්සියක් දක්වා අඩුවනු ඇති. මීට පෙර එම ගාස්තුව රුපියල් 720 ක්. මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් 630 ක් වන බස්ගාස්තුව රුපියල් 600 ක් දක්වා අද සිට අඩුවනවා.

(Neth)