Friday, May 03, 2024
Follow Us
අද සිට යළිත් වැස්ස වැඩි වේ !

උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වර්ෂාපතනය අද (22) දිනයේ සිට යළිත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 - 150 අතර මට්ටමේ තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 - 100 අතර මට්ටමේ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අයහපත් කාලගුණ තත්වයත් සමඟ ඇතිවී ඇති හදිසි ආපදා හේතුවෙන් මේ වනවිට තිදෙනෙකු මියගොස් ඇති අතර පවුල් 7565ක පුද්ගලයින් 26,492ක් පීඩාවට පත්ව සිටිති. ඒ අතරින් 11,916 දෙනෙකු අවතැන්ව, ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත.

(LNW)