Friday, May 03, 2024
Follow Us
චම්පිකගේ රිය අනතුරට පොලිස් ලොක්කන් තුනක් අත්අඩංගුවට?

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියේ තරුණයකු ගැටීමේ සිද්ධිය යටපත් කිරීමට කටයුතු කළ බව කියන ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැදවූ රථයේ සංදීප නමැති තරුණයකු 2016 පෙබරවාරි 28 දින රාත්‍රියේ ගැටීමෙන් පසුව එහි රියැදුරා ලෙස තුසිත පුෂ්පකුමාර නමැති අයෙක් ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය යළිත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය විමර්ශනයට වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු යොදවා තිබේ. මෙම සිද්ධිය යට ගැසීම ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ නියෝගයෙන් සිදුව ඇති බව වාර්තාවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වී ඇති අතර ඉදිරියේදී ඔවුන්ද විමර්ශනයේ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

(Lanka Leads)