මෙරට නාගරික ප්රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කර ඇති මෙට්රො බස් සේවාවේ පරිපාලන, නඩත්තු හා මෙහෙයුම් කාර්යයන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ක්රියාත්මක මෙට්රො ඩිපෝ ව්යාපෘතිය යටතේ ඉදිකරන ලද සිව්වන ඩිපෝ අංගනය රත්මලානේ දී අද (21) විවෘත කෙරිණ.
රත්මලාන, ගාලු පාරට මුහුණ ලා ඉදිකර ඇති නව මෙට්රො ඩිපෝ අංගනය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් හා කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.
ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ක්රියාත්මක නව ඩිපෝ අංගන ඉදිකිරීමේ ව්යාපෘතිය මගින් මේවනවිට රත්මලාන නව ඩිපෝවට අමතරව තලංගම, කඩවත සහ ඒකල ඩිපෝ සේවා සඳහා විවෘත කෙරිණ. පළමු අදියරේ ඩිපෝ ව්යාපෘතියේ පස්වන ඩිපෝ අංගනය එළැඹෙන 2027 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ දිස්ත්රික්කයේ හෝමාගම දී ආරම්භ කිරීමට ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත.
අද දින ප්රවාහන සේවා ආරම්භ කල රත්මලාන ඩිපෝව කේන්ද්ර කරගනිමින් නව මෙට්රො බස් රථ 30 ක් කොළඹ නාගරික ප්රවාහන සේවා සඳහා යෙදවීමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතික රාජ්ය හා පෞද්ගලික දෙඅංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු සහ ප්රදේශවාසීහු එක්ව සිටියහ.