Sunday, September 20, 2026
Follow Us
මුලතිව් පුතුකුඩියිරුප්පු නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබේ
 
රුපියල් මිලියන 32ක ආයෝජනයක් – ලබන වසරේ අප්රේල් වන විට ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්.
මුලතිව් දිස්ත්රික්කයේ පුතුකුඩියිරුප්පු නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි.
රුපියල් මිලියන 32ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අප්රේල් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මෙතෙක් විවිධ ස්ථානවල කුලී පදනම මත පවත්වාගෙන යනු ලැබූ පුතුකුඩියිරුප්පු තැපැල් කාර්යාලය සඳහා අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම තුළින් ප්රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විධිමත් හා ගුණාත්මක තැපැල් සේවාවක් සැපයීමට අවශ්ය පහසුකම් සලසා දීමට හැකිවනු ඇත.
පුතුකුඩියිරුප්පු තැපැල් කාර්යාලය මගින් ප්රදේශයේ රාජ්ය ආයතන, හෝටල්, කර්මාන්ත ආයතන ඇතුළු පවුල් 8,500කට පමණ තැපැල් හා සම්බන්ධ සේවාවන් සපයනු ලබයි. එම ජනතාවගේ දෛනික අවශ්යතා මෙන්ම රාජ්ය හා පෞද්ගලික අංශයේ ආයතනික අවශ්යතා සඳහාද කාර්යක්ෂම සේවාවක් ලබාදීමේදී නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වැදගත් පසුබිමක් සපයනු ඇත.
 
ප්රදේශයේ ජනතාවගේ අවශ්යතා සපුරාලමින් රාජ්ය සේවාවන් වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කිරීමේ අරමුණින් මෙවැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරම්, සෙල්ලතම්බි තිලකනාදන් සහ තුරෛරාසා රවිකරන්, ඇතුළු ප්රදේශයේ රාජ්ය නිලධාරීන්, ප්රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.