පොල්ගොල්ල ජලාශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 25වන දින රාත්රී 12.00සිට සැප්තැම්බර් 27වන දින සවස 6වන තෙක් ජලාශය හිස් කිරීමට බලාපොරොත්තු වන බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
කොළඹ අද (16) පැවති මාධ්ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජලාශයේ ගේට්ටුවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දින 2හමාරක වැනි කාලයක් ජලාශය හිස් කෙරෙන බව ඔහු පැවසීය.
එම නිසා පොල්ගොල්ලෙන් සහ බලගොල්ලෙන් ජලය ලබාගන්නා ජනතාව ජල සම්පාදනයෙන් ලැබෙන ජලය උපරිම අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, පොල්ගොල්ලට සමගාමීව කොත්මලේ ජලාශයේ විදුලි උත්පාදනය ද සැප්තැම්බර් 26 රාත්රී 10 සිට සැප්තැම්බර් 27 දහවල් 2 වන තෙක් තාවකාලිකව නතර කරන බව ද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.