එයා බස් මිලදී ගැනීමේ අක්‍රමිකතා නඩුවේ විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කර තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශන සිදු කෙරේ.