Tuesday, September 15, 2026
Follow Us
වර්ෂාපතනය හමුවේ ඩෙංගු යළි හිස ඔසවයි

සෑම දිස්ත්‍රික්කයකම තවමත් සිදු කෙරෙන කීට පරීක්ෂණ වැඩසටහන් තුළින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ඊයේ (14) දින සිට සතියක කාලසීමාවක් දක්වා ආරම්භ කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර පසුගිය කාලයේ ඇති වූ ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ යම් කිසි අඩුවීමක් පවතින පවතින බව ද පෙන්වා දුන්නේය.

 ඒ මහතා ප්‍රකාශ කළේ මෙම රෝගය නැවත උත්සන්න වීම මැඩ පැවැත්විම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවයි.