අලුත්වැඩියා කටයුත්තක් සඳහා කපුමුල්ල ගරාජයක් වෙත ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ අවස්ථාවේදී, එහි පිටුපස කොටස බෙලිඅත්ත දෙසට ධාවනය වූ ‘රජරට රැජින’ දුම්රියේ ගැටී ඇත.
අදාළ අනතුර රත්ගම, කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර වන අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර, කිසිදු ජීවිතක්ෂයට පත්වීමක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැත. බස් රථයේ පිටුපසට පමණක් හානි සිදුව ඇත.