Friday, September 04, 2026
Follow Us
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,000 සීමාව ඉක්මවයි

2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,040 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී රෝගීන් 10,155 දෙනෙකු වාර්තාවී ඇති බවය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තාවී ඇති බව සඳහන්ය.

මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 50,760කි. දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,788ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,910ක් ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 20,444ක් වේ.