ඓතිහාසික කන්ඩ උඩරට මහනුවර ඇසළ පෙරහර මංගල්යයේ අවසාන සංකේතවත් චාරිත්රය වන "දියකැපීමේ මංගල්යය" අද ( 28) අලුයම ගැටඹේ මහවැලි නදී තොටේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
සතර මහා දේවාලයන්හි (නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි) කපු මහත්වරුන් සහ බස්නායක නිලමේවරුන්ගේ ප්රධානත්වයෙන් සාම්ප්රදායික හා චාරිත්රානුකූලව මෙම දියකැපීමේ මංගල්යය සිදු කෙරිණි.
දවල් පෙරහැර:දියකැපීමේ චාරිත්රයෙන් අනතුරුව සතර මහා දේවාල පෙරහැරවල් නැවත මහනුවර නගරයට පැමිණ, ශ්රී දළදා මාළිගාවේ දවල් පෙරහැර සමඟ එක්ව වීථි සංචාරය කිරීමට නියමිතය.
දවල් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව, මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්යය සාර්ථකව නිමාවට පත් වූ බව පවසන "පෙරහැර සංදේශය" දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපතිවරයා වෙත භාරදීම ශ්රී දළදා මාළිගාවේදී සිදුකිරීමට නියමිතව ඇත.