Monday, June 08, 2026
Follow Us
අද සිට තෙදිනක මදුරු මර්දන විශේෂ ජාතික වැඩසටහනක්

විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහනක් අද (08) ආරම්භ වන අතර හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 

පසුගිය ස්වභාවික ව්‍යසනය  සමග කසළ තත්ත්වය සහ වර්ෂාවේ වැඩිවීම ද මීට හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබනෙ බව වාර්තා වන අතර  මෙමම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50% ක් වශයෙන් වැඩිපුරම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව වාර්තා වෙයි.

මේ සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂිතය. එමෙන්ම මෙහිදී ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවලට වැඩි අවදානයක් යොමු කරන අතර මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.