අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මඟපෙන්වීම යටතේ, උසස් අධ්යාපනය සඳහා වූ ජාතික ප්රතිපත්ති රාමුවක් සැකසීමේ කටයුතු විද්වත් කමිටුවක දායකත්වයෙන් මේ දිනවල සිදු කරමින් පවතී.
මේ සඳහා අධ්යාපන, උසස් අධ්යාපන ක්ෂේත්ර ආවරණය කරමින් විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනයන්හි පැවැත් වූ අතර ඊට සමගාමීව මහජන අදහස් විමසීමක් සිදු කිරීමට ද තීරණය විය.
ඒ අනුව මේ සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීමට මාර්ගගත ප්රශ්නාවලියක් උසස් අධ්යාපන අංශයෙහි වෙබ් පිටුව වන www.mohe.gov.lk වෙත ඇතුළත් කර ඇත.
https://mohe.gov.lk/survey.html යන සබැඳිය ඔස්සේ පිවිසීමෙන් මේ සඳහා මහජනතාවට තම අදහස් ඉදිරිපත් කළ හැකි ය.