ශ්‍රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
ඒ අනුව, ජුනි මස 05 වැනිදා නිල ගැසට් පත්රය මඟින් නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පතට අනුව, යෝජිත නීති සම්පාදනය මඟින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතයි.
මාධ්ය ක්ෂේත්රයේ සාමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා වන පූර්ණ බලතල මෙම ආයතනය ලෙස ක්‍රියාත්මක වන බව ද එහි සඳහන් කරුණු අතර වේ.