Saturday, April 20, 2024
Follow Us
කුරුණෑගල දොස්තරට එරෙහිව තවත් පැමිණිලි 50ක්…

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත.

පෙරේදා (26 වැනිදා) දිනයෙත් මවුවරුන් 6 දෙනකු කුරුණෑගල රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබිණි. ඒ අනුව මේ වන විට වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ මවුවරුන් 45 දෙනකු කුරුණෑගල මහ රෝහල වෙත පැමිණිලි කර තිබේ.

මේ අතර වෛද්‍ය ෂාෆි විසින් තවත් මවුවරුන් පිරිසකට සිදුකළ සැත්කම් සහ වෛද්‍යප‍්‍රතිකාර නිසා විවිධ රෝගාබාධයන්ට ලක්වූ මවුවරුන් පිරිසක්ද කුරුණෑගල මහ රෝහල වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

මෙම වෛද්‍යවරයා කළ සැත්කම්වලින් සහ ප‍්‍රතිකාරවලින් දෑස් අන්ධවූ මවක් මෙන්ම මුත‍්‍රා ආබාධ සහ බඩවැල් කැපී යෑම නිසා දැඩි ලෙස රෝගා බාධවලට ලක්වූ සිංහල මවුවරුන් තිදෙනකුද ඒ පිළිබඳව රෝහල් බලධාරීන් වෙත පැමිණිලි කර තිබිණි.

මේ අතර වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ තවත් මවුවරුන් රාශියක් අද (28 වැනිදා) දිනයේද කුරුණෑගල රෝහල වෙත පැමිණ පැමිණිලි කරන බවද රෝහල් බලධාරීන් වෙත දැනුම් දී ඇත.

එසේම සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් වන්ද්‍යකරණයකට ලක්ව ඇත්දැයි ඉතා සරල වෛද්‍ය පරීක්ෂණයක් මගින් පහසුවෙන් තහවුරු කර ගත හැකි බව ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පවසයි. ගැබ් ගැනීමට වෙනත් ආකාරයකින් පවතින බාධා ද මෙවැනි වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

(Lanka Leads News)