Sunday, February 22, 2026
Follow Us
රැඳවියන් බැලිමට විශේෂ අවස්ථාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) , හෙට (14) අනිද්දා (15) රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙහිදී රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා රසකැවිලි අවශ්‍ය පරිදි රැගෙනවිත් භාරදීමට අවස්ථාව පවතින බවයි වාර්තා වන්නේ .

 

මීට අමතරව, සියලුම බන්ධනාගාර තුළ රැඳවියන් සඳහා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.