Sunday, February 22, 2026
Follow Us
දින 5ක රිය අනතුරුවලින් පුද්ගලයින් 25ක් මිය ගොස්

ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පැවසීය.

 එම කාලය තුළ සිදු වූ අනතුරු 275කින් පමණ එම මරණ සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

 බදුල්ල ,මාතලේ , ගිරිඋල්ල පස්යාල ,තන්තිරිමලය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම අනතුරු වී ඇත.

Aruna