Sunday, February 22, 2026
Follow Us
ඉන්දියාවේ ප්‍රසිද්ධ නිළියක් ගෙල වැලලාගනියි

ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

මියයන විට ඇය 25 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය බෝජ්පූරි සිනමා කේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පනියකි.

17 හැවිරිදි වියේ සිට රංගන කේෂ්ත්‍රයට දායක වී ඇති ආකන්සාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

 ඇය අවසන් වරට ඊයේ (25) රාත්‍රියේ ද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් යොමු කර තිබුණි.

පසුගිය ආදරවන්තයින්ගේ දිනයේ දී ඉන්දීය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වන සමර් සිං සිය පෙම්වතා බවට ආකන්සා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

Aruna