Friday, April 26, 2024
Follow Us
සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට

සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට බෙදාහරින බවත් අඩු ආදායම්ලාභීන්ට තවත් සහන දීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී බැහැර කිරීම් වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් බෙදාහැරීම අද (26) මහරගමදී සිදු කළ අවස්ථාවේදී ය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා -
අස්වැන්න කපා රටේ අස්වැන්න අඩු ප්‍රදේශ වලට ලබා දීමේ හැකියාව දැන් ලැබී තිබේ . විශේෂයෙන් සහල් අතින් විශාල ඉදිරි පියවරක් තැබීමට හැකි වී ඇත. ගොවි ජනතාවට මුහුණ දීමට සිදුවුණු විවිධ ගැටලු ප්‍රමුඛතා කරුණු අතරට ගනිමින් ලිහිල් කිරීමට රජය ක්‍රියා කළේය.
විශාල හැකියාවක් විස්වාසයක් ඇති අපේ රටේ ගොවි ජනතාව මහපොළොවෙන් සහල් නිෂ්පාදනය කරන්නට පුළුවන්කම ඇති කළා. ඒ සමඟම ඔබද අපද ජීවත්වන සෑම ග්‍රාම සේවක කොට්ඨාසයකම ගමින් ගමට ඇති ගෙවතු වගාව වැඩි කිරීමට උනන්දුව ඇති කරන්නට කටයුතු දියත් කළා.
අඩු ආදායම්ලාභීන් පිළිබඳව මේ කරගෙන යන තොරතුරු එකතු කිරීමේ වැඩපිළිවෙළ හමාර වූ වහාම එම දීමනාව වැඩිකිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
අද ආරම්භ කළ මේ වැඩසටහන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම ග්‍රාමසේවක කොට්ඨාස කිහිපයකින් හෝ ආරම්භ කර ඉදිරි දින කිහිපයේ දී නිමාවට පත් කරන්නට අපට පුළුවන්කම ලැබේවි.මේක අපේ ගොවි ජනතාව ලබාදුන් ජයග්‍රහණයක්. රටින් ගෙනල්ලා නෙවෙයි. එය ආඩම්බරයෙන් සතුටින් භුක්ති විදින්නට කටයුතු කරන්න කියන ටික සඳහන් කරනවා.