Friday, April 19, 2024
Follow Us
බූරුමූණා ආරක්ෂා කළ  7ක් තවදුරටත් රිමාන්ඩ්

කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නොහොත් බූරුමූණා නමැත්තා කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නීත්‍යනුකුල අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී අත්අඩංගුවේන් මිදී පැනයෑමට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම පලායෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, රැකවරණය සලසා සඟවා තබාගැනීම ඇතුළු චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 7 දෙනකු මෙමස 31 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (24) නියෝග කර තිබේ.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජයලංකා දහම් නිකේතනය, රිට්ටාදෙණිය, හෙට්ටිපොළ ලිපිනයේ පදිංචි 48 හැවිරිදි පොත්තේවෙල ඉන්ද්‍රසාර හිමි, 52 හැවිරිදි දිවුල්වැවේ දීපානන්ද හිමි සහ අංක 536/2/A, බණ්ඩත්තර කන්ද, අඹේවෙල, කළුබෝවිට්යන, කඹුරුගමුව පදිංචි 28 හැවිරිදි වීරසිංහ ආරච්චිලාගේ දිලාන් පැතුම් ප්‍රභාත්, කටුවැල්ලේගම පදිංචිකරුවකු වන සුරේෂ් පුෂ්පකුමාර, කදිරාන දෙමංහන්දියේ පදිංචි සඳරුවන් සංජීව, මන්සිල්ගොඩ මිනුවන්ගොඩ පදිංචි මංජුල ජයවර්ධන සහ කට්ටුව පල්ලන්සේන පදිංචි ඇන්ටන් ජයසංක ප්‍රනාන්දු යන සැකකරුවන් සහ පොලිස් සැරයන්වරයෙකි.

 සැකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන යසස් ප්‍රවීන් සෝවිස් සමඟ නීතිඥය මඬුල්ලක් පෙනී සිටි අතර, කටුනායක පොලිසියේ පොලිස් පරීක්ෂක මුදන්නායක මහතා පැමිණිල්ල මෙහෙයවීය.