Friday, April 26, 2024
Follow Us
ලී වැට දැරියට මරු කැඳවයි

ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් ඊයේ (23) සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි


මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂනී මධුෂිකා නැමැති වයස මාස හතක දැරිය නිවසේ ඇදෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් සිදුවු අනතුරින් මියගොස් තිබෙයි

මියගිය දරුවාගේ මව නිවසේ වැඩ කටයුතුවල නිරතව පසුව දරුවා නිදා සිටි ඇද ළඟට පැමිණෙන විට දරුවා ඇද වටා තිබෙන ලී වැටේ සිරවී සිටියදි එයින් මුදවාගෙන ඌවපරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.

මියගොස් සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දියතලාව මුලික රෝහලට යොමු කර තිබෙන අතර ඌවපරණගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.