Saturday, April 27, 2024
Follow Us
ජාතික අලුත් සහල් මංගල්‍ය අප්‍රේල් මස 1 සහ 2 දෙදිනදී
56 වන ජාතික අලුත් සහල් මංගල්යය අප්රේල් මස 1 සහ 2 යන දිනයන්හි දි පැවැත්වීමට නියමිතයි.

අප්රේල් 1 වන දා උදෑසන සතර වාහල්කඩ කිරි ඉතිරීමෙන් උත්සවය ආරම්භ වේ. පළමුවනදා දවස පුරා ශ්රි මහා බෝධීන් වහන්සේ අබියස ශබ්ද පූජාව පැවැත්වීමට ද නියමිත යි. එදින සවස ශ්රි මහා බෝධීන් වහන්සේට ගිලන්පස බුද්ධ පුජාවක් ද පැවැත්වේ. පහන් පූජාව පැවැත්වෙන්නේ සවස 6.45 වන අතර සවස 7.00 ට රුවන්වැලි සෑය අභියස දී මල් පූජාවක් ද පැවැත් වේ. මහමෙව්නා උයනෙහි විශේෂ පිරිත් මණ්ඩපයේ දී රාත්රි 8.00 සර්ව රාත්රික පිරිත් සඤ්ඣායනය ආරම්භ කෙරේ.

අප්රේල් මස 2 වන දා උදෑසන කිරි හාර පූජාවෙන් පසුව උදෑසන 7.30 ට සිංහ කණුව රථ ගාල අබියසින් සහල් පාත්ර රැගත් පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි. ඉන් අනතුරුව උදෑසන 8.30 ට ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් මහා පාත්රයට සහල් පිරවීම සිදු වේ