Thursday, April 25, 2024
Follow Us
IMF සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ට ජනපති කෘතඥතාව පළ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරයි. IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන පරිදි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදී. මූල්‍ය ආයතන සහ ණයහිමියන් සමඟ සිදුකරන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ ඉලක්කගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීමටත් ජනාධිපතිවරයා කැපවී සිටින බවයි ජනාධිපතා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා IMF වැඩසටහන ඉතා වැදගත් වන අතර එය ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බවට පත් කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවයි එම අංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

 

---------------

President Ranil Wickremesinghe expressed his gratitude for the support of the IMF and other international partners. The IMF Executive Board approved Sri Lanka’s program under the Extended Fund Facility (EFF) that will enable Sri Lanka to access up to $7 billion in funding. The President committed to full transparency in all discussions with financial institutions & creditors, & to achieve sustainable levels of debt through prudent fiscal management & an ambitious reform agenda. The IMF program is critical to achieving this vision & will help to improve Sri Lanka's standing in international capital markets, making it an attractive country for investors, talent, & tourists