Sunday, February 22, 2026
Follow Us
ගමින් ගමට සුවධරණී වෛද්‍ය සායන මාලාව හෙටින් ඇරඹේ

ගමින් ගමට සුවධරණී වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක වෛද්‍ය සායනය හෙට (18) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

සමාජීය මෙන්ම ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටින ලාංකීය ජනතාවගේ නීරෝගී සුවය උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.
මෙම සුවරණී දේශීය වෛද්‍ය හා බටහිර වෛද්‍ය පහසුකම්වලින් යුත් වෛද්‍ය සායන මාලාවක් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇත.