Sunday, April 19, 2026
Follow Us
විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක්

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දහවල් පැවැත්විණි.


කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05ක ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, බෝ නොවන රෝගවලින් පෙළෙන තැනැත්තන්, ආබාධිත පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2300 දෙනෙක් වෙනුවෙන් දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා දීම සඳහා හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ක්‍රියාත්මක වේ.
අද දින එහි දායකත්වය සාගල රත්නායක මහතා විසින් භාරගෙන තිබිණි .

හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.