Sunday, October 04, 2026
Follow Us

පනාගොඩ යුද හමුදා කඳවුර තුළදී සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.

මෙම සෙබළා අද පස්වරු 4ට පමණ යුද හමුදා කඳවුරේ භට නිවාසය ඉදිරිපිටදී මෙසේ සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන තිබේ. 

බරපතළ තුවාල තත්ත්වයෙන් පසුවූ සෙබළා පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.