Sunday, February 22, 2026
Follow Us
වනිඳු හසරංග පළමු තැන ගනියි

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

ප්‍රසාද ලකුණු 695ක් ලබාගනිමින් ඔහු එහි ප්‍රථම ස්ථානයට පැමිණ ඇත.

එසේම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු හසරංග සිව්වන ස්ථානයේ රැඳී සිටී. ප්‍රසාද ලකුණු 175ක් ලබාගනිමින් වනිඳු එම ස්ථානයේ රැඳී සිටී.

මේ අතර ICCයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 240ක් ලබාගනිමින් වනිඳු හසරංග 7 වන ස්ථානයේ රැඳී සිටී.

Aruna