Sunday, April 19, 2026
Follow Us
මාලි හිදී ජීවිතක්ෂයට පත් ලාන්ස් කෝප්‍රල්ගේ දේහය දිවයිනට

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි අතරතුරදී ජීවිතක්ෂයට පත් වූ  ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය අද (22) කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ගෙන  එන ලදී.