Sunday, February 22, 2026
Follow Us
පුහුණු වෘත්තිකයින්ට ඕමානයේ වැඩි රැකියා අවස්ථා 

ශ්‍රී ලංකාවේ පුහුණු වෘත්තිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා  ඕමානයේ වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ ඉහළම දායකත්වය ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

පසුගියදා  ඕමානයේ සිදු කළ නිල සංචාරයේදී මෙම රැකියා අවස්ථාවන් ලබා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.