Sunday, February 22, 2026
Follow Us
නවම් පෙරහැර වීථි සංචාරය කෙරේ

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (05) රාත්‍රියේ වීදි සංචාරය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරිණි.

ගංගාරාම නවම් පෙරහර හෙට දිනයේද වීදි සංචාරය කරයි.