Friday, April 19, 2024
Follow Us
දිනකට පිළිකා රෝගීන් 105ක්  - ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය

දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ ( 01) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය මේ බව සඳහන් කළාය .

2020 වර්ෂයේ දත්තවලට අනුව පිළිකා රෝගී්න් 38, 229 ක් වාර්තා වී ඇති අතර ඉන් 20, 395 ක් කාන්තාවන් වන අතර 17, 834 ක් පුරුෂයින් වන බවත් ඇය මෙහි දී ප්‍රකාශ  කළාය.

කාන්තාවන් අතර පියයුරු පිළිකා බහුල බවත් ඊට අමතරව ගර්භාෂ පිළිකා, තයිරෝයිඩ් හා මහා අන්ත්‍රයේ පිළිකා දැකිය හැකි අතර  පුරුෂයන් අතර වැඩියෙන් ම වාර්තා වනුයේ මුඛ පිළිකා බවත් ඊට අමතරව ශ්වසානාලය ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද දැකිය හැකි බව  ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 2020 වර්ෂයේදී පිළිකා ආසාදිතයින්ගෙන් 16,  691 ක් මරණයට පත්ව ඇති අතර දිනකට මරණ 46 ක් පමණ වාර්තා වී තිබේ.

කලින් හඳුනා ගැනීමෙන් පියයුරු, මුඛ සහ තයිරෝයිඩ් පිීළිකා වැනි ඇතැම් පිළිකාවන් නිටිටටාවට  ම සුව කළ හැකි බැවින් ඒ් ගැන දැනුවත්ව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඒ් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.