Wednesday, April 24, 2024
Follow Us
ජනවාරි සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවයි

2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණිණි සංචාරකයින් සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකි බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඊට අනුව 2023 ජනවාරි මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 102,545 කි.

එහෙත් පසුගිය වසරේ ජනවාරි මාසයේ දී පැමිණ ඇත්තේ 82,327 දෙනෙකු පමණි.


පසුගිය වසරේ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 719,978 වුව ද මෙම වසරේ එම සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් වෙනුවෙන් ජනවාරි මස පැමිණි සංචාරකයින් ශ්‍රී ලංකාව දිරිගන්වන බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.